Search This Blog.

Friday, September 20, 2019

අක්කා

උබට ජැජ්ජ නැද්ද අතපය හතර තියාගෙන හැමදා පිනා වගේ ගෙදරට වෙලා කකා ඉන්න.යකෝ රස්සාවක් කරහන්කො...........අම්මා සුපුරුදු දේසනාව දෙන්ට විය......මටත් දැන් මේ ගෙදර එපා වෙලා ඉන්නෙ හැම දෙනාම මට දොස් කියනව.අක්ක විතරයි ටිකක් මගෙ පැත්තට ඉන්නෙ.....මම කල්පනා කලෙමි.අපේ ගෙදර බලයාවුනු මට අයිල දෙදෙනෙක් ඉන්නා අතර අක්කා කෙනෙක් ද ඇත.ඇය පව්ලේ තුන්වැනියා වීම මා ලගින්ම සිටි තැනැත්තියවූ නිසා මාගේත් ඇය ගේත් සහෝදර සම්න්බන්ධතාවය අයියලාට වඩා වැඩිවිය.මා කුඩා කල සිටම අයියලා මට කරදර කලත් අක්කා
මාවෙනුවෙන් ඉදිරිපත්වූවාය.. අම්මගෙ තත්තාගේ ආදරය මට කුඩා කල සිටම එතරම් නොලැබීම මගේ දෛවයේ සදමක් යනුවෙන් මට නොයෙක්වර සිතුනි.අයියලා රැකියාවක් කල අතර අක්කා ලගදී රූප ලාවන්ය සැලුන් එකක් ආරම්භකලාය. එයට මුලු වියදම තත්තාගෙන් වීම විශේශත්වයක් විය.................ඇයි මල්ලි හමදාම ගෙදරින් බැනුම් අහාහ ඉන්නෙ මොකක් හරි රස්සාවක් හොයගන්නකො.....අක්කා ද පවසන්ටවිය.....රස්සවල් නෑ අක්කෙ...මම කීවෙමි......මොකද නැත්තෙ මහන්සි වෙන්න පුලුවන්නම් ඕනැතරම් වැඩ තියෙන්නෙ.....මොකද ඔයා ඔෆිස් එකක වැඩ කරන්න ඉගැනවත් ගත්තද?....අක්කා ද කියන්ටවිය.....මම කැමති නෑ අක්කෙ මහන්සිවෙන වැඩවලට.....මම කීවිට....ඔය මම කිව්වෙ ඔය කම්මැලිකම තමා ඔක්කොටම මුල.....ඇය දොස් කීවාය........ඇග මහන්සි කරන රැකියාවලට මගේ තිබුනු අකමැත්ත නිසා මට රැකියාවල් සොයාගැනීමට අපහසුවිය........මල්ලිට මගෙ ගාව වැඩකරන්න තිබුන ඒත් ඔයා කොල්ලෙක් හින්ද කොහොමද ඒකෙ වැඩකරන්නෙ.....අම්මා බනින විට අක්කා මට කීවාය.....තාත්තගෙන් සල්ලි ටිකක් ඉල්ල ගෙන මොකක් හරි බිස්නස් එකක් වත් පටන්ගන්න. මගේ සැලොන් එක ළඟ වහදාපු කඩකාමරයක් තියෙනව.....අක්කා මට අලුත් යෝජනාවක් කලාය......මටනම් බෑ අක්කෙ තාත්තගෙන් සල්ලි ඉල්ලන්න අක්කට පුලුවන්නම් ඉල්ලල දෙන්න.....මම කීවෙමි.....අක්කා මෙම අදහස අම්මාට පැවසූ අතර.....අම්මා එය තාත්තාට පවසා තිබුනි...........දුවේ ඔය මල්ලිට මම කැමති නෑ සල්ලි දෙන්න.මම දුවට වියදම් කරල මට ඇත්තෙත් නෑ ඕවට වියදම් කරන්න....මොකද ඔයාගෙ මල්ලි කොල්ලෙක්නෙ කොහේ හරි ගිහිල්ල රස්සාවක් කරල කීයක් හරි හොයාගන්න පුලුවන්නෙ.කෙලෙක්නම් තව මොකක් හරි අපි කරන්න ඕනැ.....පැවසූ ඔහු....මම කීපාරක් මේ බූරුවට කිව්වද අර පෙරෙර බාසුන්නැහෙගෙ ගැරිජ් එකේ වැඩ කරන්න කියල. ඒකෙ මොනවහරි ඉගෙන ගන්නත් පුලුවන්...කොහේද මේකට මජන් ගාගන්න බෑනෙ...මොකද ඉන්ගිනේරුවො දොස්තරල වෙන්න ඉගෙන ගත්තද?.....තාත්තා මට දොස් කියමින් අක්කාගේ යෝජනාව ප්රතික්ෂේප කලේය.......අම්මා මට නිතර දොස් කීම නිසා දහවල් කාලයේ ගෙදර සිටීමත් එපාවිය....දහවලට කොහේ හෝ යාලුවෙකුගේ ගෙදර ගොස් තාත්තා පැමිනීමට පෙර ගෙදර යෑම මගේ පුරුද්දක් කර ගත්තෙමි....අම්ම මෙයටද දොස්කිව්වත් මා ඇයගේ වචන කිසිවක් ගනන් ගත්තේ නැත.දිනක් අක්කා දැඩි දුකකින් සිටින බව මට තේරුනි....අයි අක්කෙ දුකෙන් වගේ.....මම ඇසුවෙමි......අපේ මනලියන් දැක්ම තියෙනවනෙ බන්ඩාරනායක එකේ.......ඉතින් අක්කට මොනව හරි උදව්වක් තියෙනවනම් මම කරන්නම්....මම කීවෙමි.......ඔයාට කරන්න බෑ මල්ලියෙ මේ උදව්ව....මම ලස්සන හැඩකාර කෙල්ලෙක් තෝරගෙන හිටිය මනමාලිට අන්දල ඉදිරිපත් කරන්න...................එයාට අසනීප වෙලා හොස්පිටල් නතරකරල......මේ ඉක්මනට කවුරුවත් හොයාගන්නත් බෑ.....ඉතින් වෙන කෙල්ලෙක් හොයාගන්නකො....මම කීවෙමි.....ඉන්නව පිට්ටු බම්බුවගෙ අය කිසිම හැඩයක් නෑ....හැඩ තියෙන අය හිටියත් මූන ලස්සන නෑ.....ඉතින් කොහොමද මල්ලියේ කව්රුහරි හොයාගන්නෙ......අක්කා සුසුමක් හෙලුවාය....ඉතින් අක්ක ඉදිරිපත් වෙන්නකෝ...අක්කට ඒ හැමදේම තියෙනවනෙ.....මම යෝජනා කලෙමි.....මම ඉදිරිපත් වෙලා කව්ද මල්ලියෙ අන්දන්නෙ.......ලගදි ගත්ත ලමයෙක් නම් ඉන්නව එයාට තාම තේරෙන්නෙ නෑ..ඒ කෙල්ලව අන්න්දන්න තිබුන එච්චර හැඩ නෑ..ඇය කීවාය.........අක්කට කව්ද හොයල දෙන්නෙ මා එදා දවසෙම අක්කා පැවසූ පරිදි රූමත් ගැහැනු ලමුන් සිටින තැන් ගැන කල්පනා කලෙමි....හිටියත් මේකට කැමති වෙන්නත් ඕනැනෙ.....මෙම කටයුත්ත ඉතා බැරෑරුම් කටයුත්තක් බව මාතේරුම් ගත්තෙමි.....කව්රු හරි හොයගත්තද අක්කෙ මා එදින සවස ඇසුවෙමි.......හරි හරි මල්ලි එක්කෙනෙක් හොයගත්ත....අක්කා සතුටින් කීවාය.............................
එහෙනම් හොදයි කොහෙ එක්කෙනෙක්ද අක්කෙ.....මම තවදුරටත් ඇසුවෙමි........ලග එක්කෙනෙක්......අක්ක පිලිතුරු දුන්නාය.යන්තම් අක්කගෙ වැඩෙත් හරි.............මටත් අක්ක වගේ මොකක් හරි බිස්නස් එකක් කරන්න ඇත්නම්...ඒත් කෝ ඒවට සල්ලි.....මම දන්නව....මට කවුරුවත් සල්ලි දෙන්නෙ නෑ කියල.....මම මේ ගෙදර අවලන්ගු කාසියක් වගේ කව්රුවත් මාව ගනන් ගන්නෙ නෑ.....ටිකක් හරි බලන්නෙ අක්ක විතරයි ....මේ විදියට නම් මට මේ ගෙදර ඉන්නනම් බෑ.....මම කොහේ හරි ඔලුව හැරිච්ච අතක යනව.....මෙලෙස හිතුනත්....මෙතනනම් බැනුම් අහාහ හරි ඉන්නව කොහේ හරි ගිහින් මොනව කරන්නද......මට ගෙදරින් යෑම ගැනද බය හිතුනි......

මල්ලිට අපෙ සොම්පැනියෙ වැඩක් නම් තියෙනව....මොකක්ද අයියෙ මම ඇසුවෙමි.......ස්ටොරුවෙ බඩු එහමෙහා ගෙනියන්න.....කමක් නෑ අයියෙ........මම කීවෙමි......එහෙනම් හෙට යමු....අයියා මා සමග ඇඩට ගියේය.....මට තිබුනේ ස්ටෝරුවේ බඩු එකලස් කිරීමටය ඒ අතර බර බඩු කීපයක් ද තිබුනි....ඒවා උස්සා ඇගට සෑහැන්න මහන්සියක් දැනුනි......බිල්ඩිම ඇතුලෙ හින්ද ගැටලුවක් නෑ ඒ වුනාට ඒව උස්සන්න ගිහාම පනයනව අප්ප.....මම ලොකු අයියට කීවෙමි.........මේ උබට ඕනැ විදියට ලේසි රස්සාවල් නෑ....උබ ගෙදර නිකා ඉන්න හින්ද එක්ක ගියේ....අයියා මට බනින්ට විය......බැනුම් ඇසීමට උපන් මට.එයත් එක්තරා බැනුම් ඇසීමක් විය....හැම තිස්සෙම මෙයාලගෙන් දොස් අහන්න බෑ.මහන්සිවුනත් මම මේකට යනව.....මම තීරනය කලෙමි.......මොනව උනත් උබට දැන්වත් ඔලුව පෑදිච්ච එක හොදයි.....අම්මා මම රැකියාවට යෑම ගෙන හොද කීවාය......ලොකු පුතේ මෙයා බිස්නස් කරන්න සල්ලි ඉල්ලල තාත්තගෙන් හොදටම බැනුම් ඇහුව.....මෙයා කරන බිස්නස්ස්....ඔන්න කෙල්ලෙක් වෙලත් මෙයාගෙ අක්ක.....කිව් අම්මා.....එයා හෙට අනිද්ද බන්ඩරනායක එකේ එයාගෙ දක්ශකම් පෙන්වන්නත් යනවලු......අම්මා අක්කාගේ හොද කියන්ට විය.......මෙයාට පිස්සු අම්මෙ මෙයා කරන බිස්නෙස්ස්....නිකන් තාත්තගෙ සල්ලි ටිකත් නහස්ති කරනව......ඊටවඩා අපේ කොම්පැනියෙ වැඩ කරන එක හොදයි......අයියාද කියන්ටවිය......දින තුනක් පමන එම රැකියාවට ගියෙමි...බඩු උස්සල ඇගට මහන්ස්යි කොන්දත් රිදෙනව....ඒත් මොනව කරන්නද....නැත්නම් මම නිකමෙක් වෙනවනෙ....කල්පනා කල මම.....නොකර බැරි නිසාම රැකියාවට ගියෙමි.....දැන් අක්කගෙ වැඩේ කොහොමද....මම අක්කාගෙන් ඇසුවෙමි.....බලන්නකො මල්ලි ඒකටත් කනකොකා හැඩුවනෙ.....ඒ කිව්වෙ අක්කෙ මම ඇසුවෙමි.......අර හොයාගත්ත ලමයගෙ අම්ම කැමති නෑලුනෙ.....ඉතින් අක්ක කියන්නකො කීයක් හරි දෙන්නම් කියල.....කිව්ව මල්ලියෙ...ඒත් බැරිලු........අක්කා කනගාටුවෙන් කීවාය.......කවුරුවත් නැතිවුනොත් ඒකට යන්න හම්බවෙන්නෙ නෑ මල්ලියෙ.....අපරාදෙ හොද ප්රසිද්දියක් ගන්න තිබුන වාසනාව නැතිවෙනව.......අක්කා කියන්ට වූවාය......දැන් මල්ලිගෙ රස්සාව කොහොමද ඒ අතර රැකියාව ගැනද ඇසුවාය..............පඩිනම් වරදක් නෑ අක්කෙ ..ඒ වුනාට එපාවෙනව....ඒ මොකද...අක්කා ඇසුවාය.......බර උස්සන්න ඕනැ අක්කෙ මගෙ කොන්දත් රිදෙනව ඒව උස්සලම.....මම කීවෙමි.....ඔයාල කොල්ලො ....කොල්ලො උනාම ඕවගෙ බර වැඩ වලට හුරු වෙන්න ඕනැ.....අක්කා කියන්ට විය.....ඔව් කොල්ලෙක් උන එක තමා අව්ල මාත් කෙල්ලෙක් උනානම්. අක්ක වගේ ගැනුන්ගෙ මූනෙ සයම් උලවුලා කියක් හරි හොයාගන්න තිබුන. තාත්තත් ඉතින් සල්ලි දෙන්නෙ කෙලන්ටනෙ.ඒ හින්ද මටත් ගන්න තිබුන.....මම අක්කට නෝක්කඩු ස්වරූපයෙන් කීවෙමි......මල්ලිට කේන්ති ගියාට මම කිව්වෙ අත්තනෙ......ඔව් මේගෙදර ඔක්කොම ඇත්ත කියන්නෙ....මම විතරයි බොරු කියන්නෙ....මම වෙතරයි නාස්ති කාරය...නිකම....මම....බනිමින් මගේ කාමරය තුලට ගියෙමි. අක්කාද මට දොස් කීනිසා මගේ හිතේ අමාරුව වැඩිවිය. මා රාත්රී ආහාරය නොගෙන කාමරයේ සිටියෙමි......මල්ලි බත් කන්නෙ නැද්ද....අක්ක මා අසලට විත් ඇසුවාය ....මට එපා....මම කීවෙමි.....එපා කියල හරියන්නෙ නෑ එන්න....ඇය මගේ අතින් අදින්ට වූවාය....බැරිම තැන කාමරයෙන් පිටවූ ඇය කෑම පිගානක් රැගෙන ආපසු එනබව දුටුවෙමි......තරහ ගන්න එපා මල්ලි මම මල්ලිට ආදරේනෙ....මේ බත් ටික කන්න....මා නොකා සිටිනවිට බත් ටිකක් අනා මට කැවීමට උත්සාහ ගත්තාය....ඔන්න මේක කෑවෙ නැත්නම් මම මල්ලි එක්ක තරහයි......මා එම බත් කට කෑවෙමි.....මා කුඩා කලද ගෙදර අය සමග රන්ඩුවී කෑම නොකා සිටින විට අක්කා මට කෑම කවනු සිහිවිය. මට තරහා ගියත් අක්කට ආදරයක් ඇතිවිය.......අක්කගෙ වැඩේ කරන්නෙ කොහොමද අක්කෙ........ පසුවදාද මම අක්කාගෙන් ඇසුවෙමි......බැරි වුනොත් ඒවැඩේ කැන්සල් කරනව මල්ලි. වෙන මොනව කරන්නද......අනේ එපා අක්කෙ .....අපි මේකට මොනව හරි කරමු......මම කීවිට....ඔන්න මල්ලි මගේ නන්ගි වුනානම් මට අද කිසි ගැටලුවක් නෑ.....අක්කා සිනාසෙමින් කීවාය........

අක්කෙ මට දැන් මතක් උනේ මගෙ යාලුවෙක් ඉන්නව රුවන් කියල එයාගෙ නන්ගිනම් හැඩයි මම යලුව මර්ගයෙන් නන්ගිව එක්ක එන්නම්.....පැවසූ මම.......ඉක්මනින් රුවන් මුන ගැසුනෙමි......නන්ගි හරි ලැජ්ජ කාරි බන් මම හිතන්නෙ නෑ ඔය වැඩේට කැමතිවෙයි කියල.......කොයි එකටත් අහපන්කො බලන්න.....මම පැවසූවිට.....ඔහු නන්ගීට මෙම අදහස ඉදිරිපත් කලේය. එහෙත් යහලුවා පැවසූ පරිදි ඇය අකමැති වූවාය.......මම කිව්වෙ ඕකනෙ බන්.....කී ඔහු....දැන් ඔය වැඩේට කවුරුවත් නැද්ද බන්....
රුවන් මගෙන් ඇසුවේය...නැති හින්දනෙ මම මේතරම් වලිකන්නෙ.....ඉතින් ඕනැ තරම් කෙල්ලො ඉන්නෙ.....වැඩක් නැ බන් අපේ අක්ක ලස්සනත් බලනවනෙ....මචන් මට වැඩක් මතක් උනා......ඒත් වැඩක් නෑ බන් උබේ අක්ක ඒකට කැමති වෙයිද දන්නෙ නෑ නෙ.........ඒකට කමක් නෑ කියහන්කො බලන්න.....අක්ක කැමතිවෙයිද දන්නෙ නෑනෙ....මම කිවෙමි.....ඒක ඕනැ නෑ......උබලගෙ අක්කට තියෙන්නෙ ඔය ටෙලි වල පොඩි චරිච රගපාන කෙනෙක් කීයක් හරි දීල ගන්න.......අපේ අක්කට එච්චර සල්ලි නෑ බන් ලගදිනෙ ඕක පටන්ගත්තෙ....මම කීවෙමි.....ඒකත් එහෙමද......ඔහු කීවේය.....උබ කියන්න ආව දේ කියහන්කො.....අනේ මන්දන්නෙ නෑ මේවට උඹල කැමති වෙයිද කියල.....කැමති උනා නැතා කියහන්කෝ.....මම නැවත කීවෙමි.......මාව වැරදියට තේරුම් ගන්න එපා මචන්......නෑ නෑ කියහන්කො....මම දන්න කොල්ලෙක් ඉන්නව ඌ කොල්ලෙක් උනාට කොල්ලෙක්ම නෙවෙයි ඉන්නෙ කෙල්ලෙක් වගේ .....කෙල්ලට අන්දොත් නම් හැඩට හිටී බන්......ඔහු කීවේය.....අපෝ මටනම් ඕව අක්කට කියන්න බෑ....මටත් බැනුම් අහන්න වෙයි....ඒකනෙ මම කිව්වෙ.....ඔහු කීවේය.....කොයිකටත් ඌව හම්බවෙලා බලමුද......කිසිවක් හිතා ගැනීමට බැරිවූ මම කීවෙමි.....යමු....ඔහු සූදානම් විය. අපි ඔහුගේ ගෙදර ගියෙමු......එන්න වාඩිවෙන්න අයියල......ගැහැනු සහ පිරිමි මිස්රවූ කටහඩකින් පැවසුවේය.....ඔහුගේ පැද්දෙන උකුල දැක මට හිනා වෙන්න ආවත් අමාරුවෙන් නවතා ගත්තෙමි....යාලුව කියනව වගේ මෙයානම් සාරියට හැඩවෙයි වගේ......ඒත් අක්ක කැමති වෙයිද කොල්ලෙක්ව තරගෙට තියන්න......කොයි එකටත් අක්කට කියල බලනව.........මම හිතා ගත්තෙමි......කොහොමද....රුවන්...ඇසුවේය......ඇන්දුවොත් නම් හැඩට හිටියි....ඒත් මෙයා කැමැති වෙයිද කවුද දන්නෙ.....මම කීවෙමි......මොකද බන් අකමැති. මනමාලිට අන්දනව කිව්වම මෙයා ගොඩක් කැමතිවෙයි. දැන් ඔහොම හිටියට සමහර වෙලාවට මෙයා ගවුන් ඇදන් ඉන්නෙ......ඔහු පැවසීය.......සුලු වෙලාවකින් අපි අසලට පැමිනි ඔහු.....ඇයි රුවනයියෙ මාව හම්බවෙන්න ආවෙ කෙල්ලෙක් මෙන් දගර පාමින් ඇසුවේය.......මට නෙවෙයි මේ යලුවගෙ අක්කට තමා ඕනැවෙලා තියෙන්නෙ....කී රුවන් ඔහුට විස්තරේ කියන්ටවිය.....හරි අයියෙ අක්ක කැනති උනොත් මම එන්නම්.....ඔහු කැමැත්ත ප්රකාශ කලේය.....මා ගෙදර ගිය ගමන් අක්කා මා සමීපයට පැමින.....වැඩේ හරිද මල්ලියෙ...මගෙන් ඇසුවාය....ඒ නන්ගිනම් බෑ කිව්ව අක්කෙ.....ඒත් මගෙ යාලුව කිව්ව අක්ක කැමතිනම් වෙන විකල්පයක් කරමු කියල......මම ඒකත් බැලුව.....ඒත් අක්ක කැමති වෙන්න ඕනැනෙ......මොකදද මල්ලියෙ ඒ......අක්කා ඇසුවාය....ඒකට අක්ක කැමති වෙන එකක් නෑ අක්කෙ.....මම කීවෙමි.....මොනව හරි කරල මේ වැඩේ කරන්න ඕනැනෙ මල්ලි....කියන්නකො බලන්න.......කැමති කෙනෙක් ඉන්නව අක්කෙ එයා සාරිය ඇන්දොත් හැඩට හිටීවි...ඉතින් හොදයිනෙ....එක්ක එන්නකෝ....අක්කා සතුටින් කීවාය.....ඒත් පොඩි අව්ලක් තියනව අක්කෙ........ඒ මොකක්ද..... ඇය ඇසුවාය......එයා පිරිමි ලමයෙක්...පිරිමි උනාට හැඩය හැසිරීම ගැනු ලමයෙක් වගේ.....ඇන්දුවාම නියම ගැහැනියෙක් වගේ හැඩට පේනවනම් පිරිමි ලමයෙක් උනාට කමක් නෑ....හෙට එක්ක එන්නකො බලන්න....අක්කා පැවසුවාය......................

පසුදා උදෙන්ම මා රුවන් හමුවීමට යෑමට සූදානම්වූයේ එම තරුණයා අක්කාට මුනගස්වීම සදහාය......අක්කෙ මම අර ලමයව එක්ක එන්නම් අක්ක සැලුන් එකටනෙ යන්නෙ...මම එයාව එහෙට එක්ක එන්නම්......මා පැවසූ විට....ඇයි මල්ලි අදෙ වැඩට යන්නෙ නැද්ද?.......මගෙන් ඇසුවාය.....මට ඒ රස්සව කරන්න බෑ අක්කෙ අනිත් එක ඊට වඩා ලොකුනෙ අක්කගෙ වැඩේ......මම කීවෙමි........
එයාව එක්ක එන්න එපා මල්ලි......ඇයි අක්කෙ මම ර්ස්සාවට යන්නෙ නැති හින්ද්ද එපා කිව්වෙ....කොහොමත් මට ඒ වැඩ හරියන්නෙ නෑ අක්කෙ...මම යන්නෙ නෑ.....අනේ මන්ද මෙයාගෙ තියෙන කම්මැලි කම.......අක්කා දොස් කියන්ට විය....කොහොමත් මම අද වැඩට යන්නෙ නැති එකේ එයාව එක්කගෙන එන්නද?....මම නැවත ඇසුවෙමි......එපා කිව්වනෙ....අක්කා කියන්ට වූවාය.......මා වැඩට යෑමට සූදානමක් නොමැතිබව දුටු ලොකු අයියා.....අද වැඩට යන්නෙ නැද්ද?...ඇසුවේය.....මට බෑ අයියෙ මගෙ ඇගත් රිදෙනව බර උස්සලා.....මම කීවෙමි.....උබ හැමදාම නිකන් ඉන්නද කල්පනාව.....මම අමාරුවෙන් ලොක්කන්ට කියල ඒකට දාගත්ත.....උබ ඒ ජොබෙකට පයින් ගහනව......අයියා මට සෑහෙන්න දොස් පවරන්ට විය....මම කිසිවක් නොකියා කරබාගෙන සිටියෙමි......අක්කා සාප්පුවට ගොස් ටික වෙලාවකින් මම අක්කාගේ සැලුන් එකට ගියේ අක්කා කැමති කරවා ගැනීමටය.....අක්කෙ ඉතින් මොකුත් කරගන්න බැරුව ඉන්දැද්දි ඒකවත් කරල බලමුකො....මම කීවෙමි.....මට බෑ මල්ලි....ඕව කරන්න....අක්කා නැවත විරුද්ද වූවාය.....අක්කමනෙ කිව්වෙ ඇන්දුවම ගෑණු පෙනුම තියෙනවනම් කොල්ලෙක් වුනත් ගැටලුවක් නෑ කියල....දැන් මොකද බෑ කියන්නෙ.....ඒ මම කිව්වෙ කොල්ලො ගැනනෙ....ඔයා කියන විදියට මෙයා දෙකටම නැති කෙනෙක් නෙ.........ඉතින් හොදයිනෙ අක්කෙ....හොදයි තමා.....අක්කා නෝක්කඩු සුවරූපයෙන් කීවාය.....අනේ මන් දන්නෙ නෑ අක්ක මොනව කියනවද කියල......මොකක්ද ඒකෙ ඇති වැරැද්ද....මම ඇසුවෙමි.......මාලිට තේරෙන්නෙ නෑ මල්ලියෙ ඒකෙ ඇති වැරැද්ද......ඉතින් මට තේරෙන්නෙ නැති හින්ද තමා මම අහන්නෙ.......එනවකො මම කියන්න.....ඇය මාව සැලුන් එකේ තිබුනු පුද්ගලික කාමරයට එක්ක ගොස් දොස වැසුවාය.....ඔහොම වාඩිවෙන්නකො....පැවසූ ඇය පුටුවෙන් වාඩිවූවාය....මල්ලී එයාලට කියන නම දන්නවද?.....එයා ගෙ නම දන්නෙ නෑ ඔන්නම් රුවන් ගෙන් අහගන්න පුලුවන්. නැත්නම් එයා හම්බවෙලා අහගෙන එන්නම්......මම කීවෙමි.......මෝඩයෝ.....මම කිව්වෙ ඒ නම නෙවෙයි ඕවගෙ අයට කියන පොදුනම......අක්කා කියන්ට විය....ආ ඒකද ...පැවසූ මම....පොන්නයො කියලනෙ.....කීවෙමි.....ඉතින් මොට්ටයො ඔහොම එකෙක් අන්දල තරගෙට තිබ්බම ඕක දැනගත්ත අය මට මොනව නොකියයිද.....තිකක් හිතල බලහන්.......කීවාය. .....අපි මේක කාටවත් නොකිය ඉන්න කියල කියමු......ඔන්න ආයෙත් මෝඩකතාවක් කිව්ව....පැවසූ අක්කා ........ඒක පොන්නයෙක් ඉතින් ඔයා හිතනවද ඕක කාටවත් නොකිය ඉදී කියල. මම අහල තියෙන විදියට එයාල ඕවගෙ වැඩවලට හරි කැමත්යි.....ඉතින් මම මෙයාව මනමාලියෙකුට ඇන්දුව කියල කාටවත් නොකියා ඉදීද?....අන්තිමට මට පොන්නයො අන්දනව කියල ඔක්කොම කියන්න ගනී.....මගෙ රස්සවත් නැතිවෙන වැඩක් වෙන්නෙ......අක්කා මෙලෙස පැවසූ විට ඇය කියන දේ ඇත්තක් ඇතිබව තේරුම් ගත්තෙමි. .....ඉතින් අක්ක කිව්වෙ කොල්ලෙක් උනත් කමක් නෑ කියල කොල්ලෙක් ඇන්දුවත් ඔය වැඩේමනෙ වෙන්නෙ......කොල්ලො වෙනයිනෙ මල්ලියෙ. කොල්ලො කවදාවත් කියන්නෙ නෑනෙ එයාව කෙල්ලෙකුට ඇන්දුව කියල....ඒක රහසක් වසයෙන් තියාගන්න පුලුවන්......එහෙනම් අක්කෙ අපි කොල්ලෙක් වත් හොයාගම්මු.....ඒත් ඉතින් එයාල ගෑනුන්ට අදින්න කැමති වෙන්නත් ඕනැ....මසේ පැවසූ මම ...මගෙ යාලුවෙක් කැමති කරගත්තොත් හරි මම කල්පනා කලෙමි.....ඒවුනාට උන්ගෙ එකෙකුට වත් ගෑනු පෙනුමක් නෑනෙ. ඇන්දුවාම මොක්කුද වගේ හිටියි....උන්ට වඩා හොදයි කැත උනත් කෙල්ලෙක්වම අන්දනව මොනවවුනත් උන් නියම කෙල්ලො......මා මෙසේ කල්පනා කරමින් සිටිනවිට.......මට පොඩි අයිඩියා එකක් ආව මල්ලි.....අක්කා කීවාය.......

ඒ මොකක්ද...... මම ඇසුවෙමි. ම එසේ අසනවාත් සමගම අක්කා සමග වැඩකරන ගැහැණු ලමයා අක්කාට අඩගසමින් දොරට තට්ටු කරන්ටවිය. පොඩ්ඩක් ඉන්න මල්ලි පැවසූ ඇය එලියට ගියාය.....නැවත පැමිනි ඇය කස්ටම් කෙනෙක් ඇවිල්ල මල්ලි අපි හවසට ගෙදර ඇවිත් මේ ගැන කතාකරමු.....යනුවෙන් පැවසුවාය.......එහෙනම් මම යන්නම් අක්කෙ ...කිවුව මම ගෙදර යෑමට පිටත්වුනෙමි....
මොකක්ද දන්නෙ නෑ අක්කගෙ අයිඩියා එක.....කල්පනා කල මම....අර කොල්ලගෙන් අහන්න ඕනෙ මේක රහසක් විදියට තියාගන්න පුලුවන්ද කියල.....එලියට බසින විට කල්පනා කල මම රුවන් හමුවී මේගැන කතා කිරීමට සිතුවෙමි......මොකද අක්ක කිව්වෙ....මා දුටු ඔහු ඇසුවේය....අක්ක කැමති නෑ බන්.....අක්ක කියනව කොල්ලෙක් වුනත් අන්දන්නම්ලු මෙයාට අන්දන්න බෑලු......මොක්ක්ද බන් ඒ කතවෙ තේරුම. ඌත් කොල්ලෙක්නෙ....ඒ උනාට එයා දෙකටම නැති එක්කෙනෙක් හින්ද මේ කතාව හැමෝටම කියයිලු....මෙසේ පැවසූ මම අක්කා පැවසූ දේ ඔහුට කීවෙමි........උබේ අක්ක කියන එකත් ඇත්ත මචං.....මේකා ලොකුකමටත් එක්ක ඔය කතාව හැමෝටම කියයි.....මොකද මේ.... ඌට ගෑනු ඇදුන් පිරිමි ඇදුන් ඇන්දයි කියල ගැටලුවක් නෑනෙ.ඒකා සමහර දාට ගෑනියෙක් වගේ ඉන්නව සමහර දාට පිරිමියෙක් වගේ ඉන්නව......වෙන්න බෑ...... මම පුදුමයෙන් කීවෙමි......මොකද බන් වෙන්න බැරි උබ ඔන්නම් ගිහින් බලහන්.....ඊයෙ පිරිමියෙක් වගේ ඇදන්නෙ හිටියෙ සමහර විට අද කෙල්ලෙක් වගේ ඇදගෙන ඇති ඔන්නම් ගිහින් බලමු.....ඔහු කීය.....මට ඇදුම් බලන්න ඕනැ නෑ බන් මේ ගැන රහසක් වසයෙන් තියාගන්න පුලුවන්ද කියල අහගන්න ඕනැ....මම පැවසුවෙමි. අපි එම තරුනයා හමුවීමට ගියෙමු........සායකින් සහ බ්ලවුසයකින් සැරසී සිටි ඔහු මට හදුනා ගැනීමට නොහැකිවිය.....මොකද අයිය පුදුම වෙලාවගේ බලා ඉන්නේ.....මම අද හැඩයි නේද.....ඔහු අගර පාමින් පවසන්ට විය...හැඩයි හැඩයි.....කිව් මම....මට අදුන ගන්න බැරිවුනා ඒකයි බැලුවෙ....ඒකනේ..අයියලට වගේ නෙවෙයිනේ අපිට ඕනැ ඇදුමක් අදින්න පුලුවන්......ඔහු ඇද පැද කීවාය.......මම ඔයාට මල්ලි කියන්නද නන්ගි කියන්නද.....ඕනැ එකක් කියන්න අයියේ...අපේ රුවන් අයියනම් මට කියන්නෙ මල්ලි නන්ගි කියල......එහෙනම් මාත් එහෙම කියන්නම්......මොකද අයියෙ අක්ක කිව්වෙ....අනේ මන්ද මල්ලි නන්ගි....අක්ක බයයි මේක ලීක් වෙයි කියල......ඉතින් ලීක් වුනාම මොකද මාත් මනුස්සයෙක්නෙ.....ඔහු කීවේය....ඒක ඇත්ත නන්ගි මල්ලි ඒත් සමාජය එහෙම හිතන්නෙ නෑනෙ....එයල ඉතින් පොඩ්ඩ ඇත්නම් මිනිස්සුන්ට ගරහනවනෙ.....මම මෙසේ කීවිට....මටත් ඒ ගැටලුව තියෙනව අයියෙ. අයියල වගේ හිතන අය මේ සමාජයේ අඩුයි....එයාල හිතන්නෙ අපි ඉන්නෙ එයාලගෙ උසුලු විසුලු වලට ලක් වෙන්න කියල. මොනව කරන්නද අයියෙ අපි ඉතින් දෙකටම නැති අයනෙ......ඔහු දුක් මුසුව එසේ පවසන විට මට සෑහෙන දුකක් ඇතිවිය........එක අතකට ඔයාගෙ අක්ක කියන එකත් ඇත්ත මේක දැනගත්තොත් අක්කට විසුමක් වෙන එකක් නෑ...ඒ හින්ද මේක අල්ලල දාමු........ඔහු තව දුරටත් පැවසීය......ඔහු ගේ එම කතාවෙන් ඔහු කුමන ආභාදයකින් පෙලුනත් ඉතා ගුනයහපත් කෙනෙක් බව තේරුම් ගත්තෙමි.....මාව හම්බවෙන්න එන පිරිමි අයටත් සමහරු එක එක ඒව කියනව කියල මම දන්නව ...ඒ වුනාට රුවන් අයිය ඒව ගනන්ගන්නෙ නෑ නේද රුවන් අයියේ....ඔහු ඇද පැද රුවන්ගෙන් ඇසුවේය.....සිනාසුනු රුවන් එහෙනම් අපි ගිහින් එන්නම්.......රුවන් කීවිට....අයියලට වෙන උදව්වක් ඕනැවුනොත් කියන්න....ඔහු අවසානයේදී කීවේය.........අනේ පවුබන් කී මම මොකක්ද එයා කරන රස්සව....මම රුවන්ගෙන් විමසුවෙමි......කව්ද බන් ඕවගෙ අයට රස්සවල් දෙන්නෙ....කී ඔහු....සල්ලි වලට කෑම උයන්න යනව....නරක වැඩවලටත් යනවද....මම ඇසුවෙමි.....මම දන්න තරමින් ඒ සබ්ජෙට් එකනම් නෑ....කොල්ලොනම් ඌ වටේ කරක් ගහනව ඌ ගනන්ගන්නෙ නෑ මචන්.....රුවන් කීවේය.එහෙනම් හොදයිනෙ....මම කීවෙමි........................

පව් බන් මොකක්ද ඔහොම වෙන්න හෙතුව....මම ඇසුවෙමි...........අනේ මන්ද එයාලගෙ අරක පොඩියිලු එච්චරයි මම දන්නෙ....රුව්න් කීවේය....එහෙනම් එයාලට කසාද බදින්නත් බෑ.....මොන කසාද්ද බන් පේනෙ නැද්ද?.....මොකක් හරි පෙර අත්මෙ කරපු කරුමයක්....මම කල්පනා කලෙමි....එදින සවස ගෙදර ආ අක්කා අසලට ගිය මම මොකක්ද අක්කෙ අක්කටට මතක් උනාකිව්ව අයිඩියා එක.....මම ඇසුවෙමි.....
දැන් කියන්න බෑ මල්ලි. මම රෑවෙලා කියන්නම්.....අක්කා කීවාය. රත්රී ආහාරයෙන් පසු මගේ කාමරයට ආවාය......කාමරයේ දොර වැසූ ඇය මගේ ඇදෞඩින් වාඩිවුනාය......මල්ලි මම කල්පනා කලේ මේ වඩේට ගැලපෙන කෙල්ලො නැති හින්ද කොල්ලෙක්වත් ගන්න.......ඇය කීවාය.....ඉතින් මම අක්කට කිව්වෙ මම බලපු කොල්ලව ගම්මු කියල.......ඒකා වැඩක් නෑනෙ මම කිව්වනෙ එපා කියන්න හේතුව.....කී අක්කා. මේ වැඩේට ගැලපෙන කොල්ලෙක් නම් ඉන්නව...ගෑනියෙක් වගේ අදින්න කැමති වෙයිද දන්නෙ නෑ......ඉතින් අහල බලමුකො අක්කෙ....අක්කට බැරිනම් මම අහන්නම්....මම කීවෙමි......පොඩ්ඩක් ඉන්නකෝ මල්ලි කලබල වෙන්නෙ නැතුව.....එයා ඇන්දුවාම ලස්සනට හිටීද අක්කෙ...මම ඇසුවෙමි. එයා මල්ලි වගේ සුදුයි. හින්දෑරියි එච්චර උසත් නෑ.අතපයත් කෙල්ලෙක් වගේ හීනියි දිගයි. මූනත් ලස්සනයි. මට පුලුවන් වෙයි හොද මේකප් ටිකක් දැම්මම ලස්සන කරල ගන්න.....ඉතින් අක්ක ඔච්චර විස්තර දන්නවනම් කවුද කියල කියන්නකෝ.....මම කීවෙමි.....මට මේක එයාට කියාගන්න බැරුව ඉන්නෙ......ලග කෙනෙක්ද අක්කෙ...මම ඇසුවෙමි....ඔව් මේ ලගමයි ඉන්නෙ.....අක්කා පිලිතුරු දුන්නාය.....ඉතින් යමුකො අක්කෙ දැන් උනත් කමක් නෑ ගිහින් කතාකරමු.....මම කීවෙමි.....මම එසේ පැවසූ විට කම්මුලේ අතගසා ගෙන ටිකවෙලාවක් කල්පනාවක නිරතවූ ඇය.....අනේ මන්ද මල්ලි මම මේක කොහොම කියන්නද කියල.....මට වෙන විකල්පයක් නැති හින්ද මේ තීරනය ගත්තෙ නැත්නම් හිතකින් නෙවෙයි.....ඇයි ඒ අක්කෙ.....මම ඇසුවෙමි.....මම අහල තියෙනව කොල්ලන්ට කෙල්ලො වගේ අන්දන එක පව් වැඩක් කියල.....අක්කා සුසුමක් හෙලුවාය....ඇයි අක්කෙ එහෙම කියන්නෙ....ඔය චිත්‍රපට වල නාට්ටිය වල කොච්චර නලුවො ගෑනු ඇදුම් ඇදගෙන රගපානවද?..ඉතින් මෙකත් රගපෑමක්නෙ.....මම පැවසුවෙමි......ඒකමන් ඇත්ත තමයි....ඒත් මම කොහොමද මේක කියන්නෙ.....අක්කා නැවත කල්පනාවට වැටුනාය.....අක්ක කාවද හිතේ තියාගෙන ඉන්නෙ කියන්න මම ගිහින් අහල බලන්න....මට වෙන කරන්න දෙයක් නැතිකමට මල්ලියෙ මම මේක අහන්නෙ.....ඉතින් බලා ඉන්නෙ යමු ....කිව් මම ඇදින් නැගිටීමට සූදානම්වූවෙමි......නැ නෑ මල්ලි කොහේවත් යන්න ඕනැනෑ....මට මල්ලිගෙනුයි අහන්න ඕනැ....මේ මම....පුදුමයට පත්වූ මා ඇසුවෙමි.....මට වෙන කියන්න කෙනෙක් නෑ මල්ලියෙ.....අක්කා දුක් මුසුව පැවසනු මට ඇසුනි......ටික වෙලාවක් අක්කා දෙස බලාසිටිමම..... කමක් නෑ අක්කෙ..අක්ක වෙනුවෙන් මම මැරෙන්න උනත් ලෑස්තියි....මම කීවෙමි......... ඉතින් අක්කෙ මම ඇන්දොත් ලස්සනට හිටීවිද......මල්ලි දන්නෙ නැති වුනාට මල්ලි ගොඩක් ලස්සනයිනෙ....අක්කා කීවාය.....ගෙදර අය මේව දැනගත්තොත් මටනම් ගැටලුවක් නෑ මම ඉතින් හමදාම බැනුම් අහන කෙනානෙ අක්කට තමා ගැටලුව....මම පැවසුවෙමි......කව්ද මල්ලි මේක ගෙදරට කියන්නෙ අපි මේක හොරෙන් කරමු.....අපි දෙන්න එක සයිස් වගේනෙ මල්ලි..... මගේ ඇදුම් ඔයාට හරියයි... අපි සාරියක් ඇදල බලමුද.... යෝජනා කල ඇය මාව ඇගේ කාමරයට රැගෙන ගියාය. ඉස්සෙල්ල බලල එන්න ඔක්කොමල නිදිද කියල.....ඇය කීවාය....මම කමර බැලූ විට ඒවා දොරවසා විදුලි ආලෝකය නිවාදමා ඇති බව දුටු මට සියලු දෙනා නින්දට ගොස් ඇති බව වැටහුනි..... නැවත අක්කා ගේ කාමරයට ගියමම......ඔක්කොම නිදිවගේ අක්කෙ...මම කීවෙමි.එහෙනම් හොදයි කොයිකටත් ඔය දොරේ අගුලු දාගෙනම එන්න....අක්කා කීවාය. ....මෙන්න මේ ටික තමා ඔයාට අද ඇදල බලන්න තියෙනෙ....ඇය සාරියට අව්ස්ය සියලුම ඇදුම් ඇද මත තැබුවාය.....ඔය බැනියම ගලවන්න පැවසූ ඇය ඕක ගලවල මේක ඇදල බලන්න.....මට බ්රෙසියරයක් දික් කලාය එය අතට ගත් මා බැනියම ගලවා බ්රෙසියරය ඇදගැනීමට උත්සාහ ගත්තෙමි....එහෙත් වැරදියට ඇන්ද බව දුටු අක්කා ....ඔහොම ඉන්න මම අන්දන්නම්....ඇය එය ඇන්දීමට පටන්ගත්තාය.....ඔය තියෙන්නෙ මේක හරියට හරි වගේ.....පැවසූ ඇය.සාරි හැට්ටයද ඇන්දීමට පටන්ගත්තාය.......ඒවා ඇහට හිරවුනු බව දනුනු මට යම් අපහසුතාවයක් දැනුනි....හොද වෙලාවට හැට්ටෙත් ගානට තියෙනව ...එහි හැඩබැලූ අක්කා පැවසුවාය.....දැන් මේ යට සාය ඇදගෙන ඔය සරම අයින් කරන්න.....ඇය සාරියට අදින යට සාය දුන්නාය......මා එයද ඇදගත්තෙමි.........දෙන් මගේ ඇගේ පිරිමිඇදුම් වල නූල්පොටක් වත් නොතිබුනු අතර සියලුම ඇදුම් ගැහැනු ඇදුම් විය....................

No comments:

Post a Comment